එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් අනතුරින් විපතට පත් ධීවර පවුල් වලට මේ දක්වා ගෙවා ඇති වන්දි මුදල් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.
අදාළ සිද්ධියෙන් සිය ජීවිකාව අහිමි වූ ධීවරයින්ට වන්දි ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපානන්, ධීවර සංගම්, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කීපයක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය කර තිබුණි.
මෙම පෙත්සම් අද මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
මෙහිදී පංච ූපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා වෙත ප්‍රශ්නයක් යොමුකරමින් අදාළ නෞකා අනතුරින් විපතට පත් ධීවර ජනතාවට මේ වනවිට කොපමණ මුදලක් ගෙවා තිබේ දැයි ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේ මේ පිළිබඳව කරුණු සොයාබැලීමකින් තොරව පිළිතුරක් ලබා දිය නොහැකි බවයි.