ඌව ආණ්ඩුකාර මුසාමිල් ඉල්ලා අස්වේ

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.ඒම් මුසම්මිල් මහතා පළාත් ආණ්ඩුකාර තනතුරින් ඉල්ලා අස්වන බවට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතව දැනුම් දුන්නේය.

තමා ආණ්ඩුකාර තනතුරේ සිටියදි ජනාධිපති අපේක්ෂකයකුට උදව් කිරීමට නොහැකි බව කියමින් තනතුරින් ඉල්ලා අස්වු මුසම්මිල් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට උදව් කරන බවද එම ලිපියෙන් දන්වා තිබේ,

හිටපු ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා  ලබාදුන් ආණ්ඩුකාර තනතුර වත්මන් ජනපතිවරයා සමගත් වෘත්තීය භාවයෙන් හා අවංකභාවයෙන් සිදුකරගෙන ගිය බවද එම ලිපියෙන් දන්වා ඇත,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *