උතුරේ අක්කර දාසය දාහක අලුත් පොල් වගාවක්

උතුරු පළාතේ  මේ වසරේ අක්කර 16,000 ක අලුතින් පොල් වගා කරන බව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.

මෙම නව වගා කටයුතු සඳහා දැනටමත් ඉඩම් හඳුනාගෙන තිබෙන බවද අමාත්‍යවරයා කීය.

කිලිනොච්චියේ පලෙයිහි  ප්‍රාදේශීය පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.

යුද්ධය අවසන් වී වසර 17ක් ගතවී ඇතත් උතුරේ ජනතාවගේ ජීවිත වල කිසිදු වෙනසක් සිදුවී නැති බව කී අමාත්‍යවරයා උතුරෙන් දරිද්‍රතාවය තුරන් කිරීම සදහා  සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව සඳහන් කළේය.

වැවිලි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංගුමාරන් මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *