උණ්ඩ සහ තහනම් පිහි සමග දෙකක් සැකපිට

රත්මලානේ කොන්ක්‍රීට් නිෂ්පාදන ආයතනයක සේවකයන් දෙදෙනකු නැවතී සිටි එම ආයතනයේ නේවාසිකාගාරයේ තිබී ජීව උණ්ඩ සහ තහනම් පීහි හමුවූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර යුද හමුදාවේ හිටපු කොමන්ඩෝ සෙබළකු ද බව පොලිසිය කියයි.

එම සැකකාර සේවකයන් දෙදෙනා සමඟ ටි 56 ජිව උන්ඩ 07 ක් , ටි 56 හිස් උන්ඩ කොපු 02 ක් , ටි 56 පුහුණු උණ්ඩ 01 ක් 9 එම් එම් වර්ගයේ ජීවඋන්ඩ 17 ක් , උල් පිහි 02 ක් හා පාපැදී චේන් 01 ක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් සේවය කරන කොන්ක්‍රීට් ආයතනයේ කළමනාකරු විසින් වසරකට අවස්ථා කිහිපයකදී සේවයකින් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරය පරික්ෂා කරන අතර පෙරේදා (14) නේවාසිකාගාරය පරික්ෂා කිරීමේදී සැකකරුවන් දෙදෙනාගේ ලොකර් වල තිබී මෙම මෙම ජීව උණ්ඩ සා තහනම් පීහි හමුවී ඇතැයි පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *