ඉෂාරාට නවාතැන් දුන් PC සහ තවත් දෙකක් රිමාන්ඩ්

ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන්නේ යැයි කියන  පොලිස් කොස්තාපල්වරයෙකු හා තවත් දෙදෙනෙකු ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අලුත්ගම පොලීසියට අනුයුක්තව රාජකාරී කළ  පොලිස් කොස්තාපල්වරයකු  , අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ බිරිඳ හා එම කල්ලියට අයත් තවත්.  පුද්ගලයෙකු     මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම සැකකරුවන් තිදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන්  අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *