‘දිදුල’ ලෙස නම් කර ඇති මෙම ආදර්ශ ගම්මානය නිවාස ඒකක 24කින් සමන්විත වේ.
නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කෙරෙන පුළුල් ආදර්ශ ගම්මාන නිවාස ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2017 ඔක්තෝබර් මාසයේදී අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමක් පදනම් වී තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල් 600කට නිවාස පහසුකම් සැලසීමට නියමිතය. ඒ අනුව, සෑම දිස්ත්‍රික්කයකම පවුල් 24ක් සඳහා නිවාස සහිත ආදර්ශ ගම්මානයක් ඉදිකෙරෙන අතර, ප්‍රතිලාභී පවුල් තෝරාගනු ලබන්නේ දිස්ත්‍රික් නිවාස කමිටු මගිනි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමත් සමඟ මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොනරාගල, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, රත්නපුර, අම්පාර, කුරුණෑගල, කෑගල්ල, කළුතර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 21හි ද ආදර්ශ ගම්මාන විවෘත කර ප්‍රතිලාභීන් වෙත භාර දී තිබේ.
සමස්ත ව්‍යාපෘතියේ ප්‍රගතිය සියයට 98.6කට ආසන්න වී ඇති අතර, ඉතිරි ආදර්ශ ගම්මාන තුන ද කඩිනමින් ප්‍රතිලාභීන් වෙත භාරදීමට අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ගාල්ල දිස්ත්‍රික් පරිපාලනයේ නියෝජිතයෝ ද එක්ව සිටියහ.


