LK reports news sinhala

ඉන්දියාවට තවත් තීරුබදු

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා අසාර්ථක වුවහොත්, ඉන්දියාවට අමතර තීරුබදු පැනවීමක් සිදු කරන බව ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් පවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා ඇලස්කාවේ ඇන්කර්ජ් නුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පැවැතිණි. රුසියන් යුක්රේන යුද්ධයේ දී ඉන්දියාවේ ස්ථාවරය වී ඇත්තේ රුසියාවත් යුක්රේනයත් යුද්ධය නැවත්වා සාමයට යා යුතු බවය. එසේ වුවත් ඉන්දියාව, රුසියාව සමඟ වැඩිපුර ගනුදෙනු කරයි.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන්, ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවා තිබියදී, ඉන්දියාව රුසියාවෙන් තෙල් සහ ආයුධ මිලදී ගනී. මේ නිසා ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ඉන්දියාවට අමතර සියයට 25ක තීරුබදු පැනවීමක් කර ඇත. ඒ අනුව, ඇමෙරිකාව ඉන්දියාවට පනවා ඇති මුළු තීරුබදු ප්‍රමාණය සියයට 50 කි.

ඇලස්කාවේ පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත්, තවත් අමතර තීරුබදු පැනවීමක් සිදු කිරීමට ට්‍රම්ප් පරිපාලනය සූදානම් වන බව ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *