ඉතිහාසය -සෞන්දර්ය අනිවාර්ය කර නෑ

ඉතිහාසය හා සෞන්දර්ය 10 -11 වසර වල අනිවාර්ය විෂයට ඇතුළත් කර නෑ.ඉතිහාසය අමතක කරන්න මෙතරම් තැත් කරන්නේ ඇයි?දැයිගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ආණ්ඩුව විසින් මුලින්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කළා.නමුත් අද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආ ගිය අතක් නැතිවෙලා.ඊට පස්සේ කිසිම සැලසුමක් නැතුව සත්ව සංගණනය පැවැත්වූවා. ඒකත් අසාර්ථක වුණා.

ඒ වැඩසටහන් වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් කඩිමුඩියේ අරඹන්න එපා.ඒ සඳහා ක්ෂේත්‍රය ගැන විශාල දැනුමක් තිබෙන උගතුන් සම්බන්ධ කරගෙන කාලයක් අරගෙන ඒ කටයුතු සිදු කරන්න.පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස්ද ගන්න.

ඉතිහාසය හා සෞන්දර්ය විෂය ගැන ගැටලුවක් මතුවුණා.ඉතිහාසය හා සෞන්දර්ය 10 -11 වසර වල අනිවාර්ය විෂයට ඇතුළත් කර නෑ.ඉතිහාසය අමතක කරන්න මෙතරම් තැත් කරන්නේ ඇයි? එමෙන්ම පාසලේ කාලය දීර්ඝ කිරීම ගැන අපේ එකඟතාවයක් නෑ. ඒ තුළින් දරුවන්ගේ සෞඛ්‍ය පිරිහෙන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *