ඉඟුරු මෙට්‍රික්ටොන් 3000ක් රටින් ගෙනෙයි

ඉදිරි මාස 03ක කාලසීමාවෙි  අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3000ක් රජයේ වානිජ නීති ගත සංස්ථාව  මඟින් අදියරගතව ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉඟුරු නිෂ්පාදනය සඳහා පහසුකම් සලසමින්, දේශීය වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මට්ටමකට ඉඟුරු වල සිල්ලර මිල අඩු කිරීමේ හැකියාව එක්ව සොයා බලා, ඒ සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ සහිත වාර්‌තාවක් ඉදිරිපත් කරන ලෙස කෘෂිකම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ට සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්ට 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් ලබා දී ඇත. ඒ අනුව, ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිදේශ මත පදනම්ව මෙම පියවර ගෙන තිබේ.

කෘෂිකර්ම  සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍ය සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *