ආයෝජන අරඹන්න විදෙස් ව්‍යවසායකයින්ට ආරාධනා

යළි ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර තිබෙන බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව කීවෙි   වෘත්තීය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමඟ පැවති හමුවට එක්වෙමිනි.

කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ මෙම හමුව පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාව ලබා තිබෙන ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ද හිමි විය යුතු බවයි. එම වගකීමෙන් කිසිවිටෙකත් බැහැර නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා  ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩකොටසක් රජය මේ වන විට ඉටු කර තිබෙන බවද සඳහන් කළේය.

ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු අදහස් හා යෝජනා ඇතුළත් සංදේශයක් ප්‍රවාහන සංගම්හි නියෝජිතයන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාරදීම ද සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *