ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලා ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මියගොස් තිබේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ පස්වරුවේ මියගොස් ඇති බව වාර්තාවේ.
මීට සති 2කට පමණ පෙර හීන් මැණිකා කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර ඇත.
එමෙන්ම ඇය කලක් තිස්සේ වකුගඩු ආබාධයකට ද ගොදුරු වී සිටි බව ද වාර්තා විය.
ඇය දරුවන් 9දෙනෙකුගේ මවක වූවාය.