Income Tax

ආදායම් බදු වාර්තා 30 පෙර ඕනෑ

2024/2025 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වෙනුවෙන් ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ආදායම් බදු වාර්තා මාර්ගගතව නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

වැඩි විස්තර 1944 අංකයෙන් හෝ www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *