අවස්ථාව ගිලිහුනොත් රට ඇෆ්ගනිස්ථානයක් වෙනවා

රනිල් වික්‍රමසිංහගෙන් පාලනය  ගිලිහී ගියහොත් ලංකාව අනිවාර්යයෙන්ම යළි ගොඩ ගන්නට බැරි ඇෆ්ඝනිස්තානයක් බවට පත්වන බව ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

මීට පෙර තෙල් ,ගෑස්, විදුලිය නැති වූයේ තාවකාලිකව බව කී බන්දුල ගුණවර්ධන මහතා නැවත එවැනි තත්ත්වයක් ඇති වුවහොත් සදාකාලිකවම තෙල් ගෑස් විදුලිය නැති රටක් නිර්මාණය වනු ඇති බව සඳහන් කළේය.

මේ අවස්ථාව ගිලිහී ගියහොත් නැවත කිසි දිනක අවස්ථාවක් නොඑන බව කී ගුණවර්ධන මහතා බොරු කියා සුරංගනා ලෝක මවන අයට රටේ ව්‍යසනයක් ඇති කිරීමට ඉඩ දීමට  නොහැකි බව සඳහන් කළේය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නට කොන්දක් තිබුණේ රනිල් වික්‍රමසිංහ නමැති නායකයාට පමණක් බවද  අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *