අයවැය සහන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයකින් සම්මත කර ගැනිණ.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 181ක් ලැබුණු අතර ඊට විරුද්ධව කිසිදු  ඡන්දයක්  නොලැබීම විශේෂත්වයකි.

සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද දවස පුරා පැවැත්විණ.

කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *