අ‘පුර ප්‍රා.ස. අය වැය සම්මතයි

අනුරාධපුර මහ නගර සභාව විසින් 2026 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය වැඩි ජන්ද 08 කින්  දින සභා සම්මත විය.

අයවැයට පක්ෂව ජාතික ජනබල වේගයේ මන්ත්‍රීවරැ 15 දෙනෙකු සහ ස්වාධීන මන්ත්‍රී  ඩි.ඩි.රැටියල මහතා විසින් ජන්දය ලබාදුන් අතර විපක්ෂව සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරැ සිවු දෙනාත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියන් දෙදෙනාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරියත් ජන්දය ප්‍රකාශ කළහ.

සමගි ජනබල වේගයේ මන්ත්‍රි අල්.ෆාරිස් මහතා මෙදින සභා රැස්විමට සහභාගිවු නමුත් ජන්දය විමසන අවස්ථාවේදි ඔහු සභා ගැබින් ඉවත්ව ගොස් තිබුණි. සර්වජන බල පක්ෂයේ මන්ත්‍රිවරයා මෙදින  සභා රැස්විමට පැමිණ නොසිටියහ.අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එන්.කරැණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්විම් ශාලාවේදි අයවැය විශේෂ සභා රැස්විම පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *