අද දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 842ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 269,518 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඉන් 239,584 දෙනෙකු ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමා අවසන් කර ඇති නමුත් තවදුරටත් සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 26,603කි.