ශ්රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා යාත්රාවක් අඟුලාන මුහුදු ප්රදේශයේදී අනතුරට ලක්වී තිබේ.
නාවික හමුදා ප්රකාශකවරයා සඳහන් කළේ යාත්රාවේ සිටි පිරිසට සහන සැලසීම සඳහා කඩිනම් මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ යාත්රාවේ සිටි 11 දෙනෙකු මුදාගෙන රෝහල්ගත කර ඇති අතර, තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව සිටියි.
මුදාගැනීමේ සහ නිරීක්ෂණ මෙහෙයුම සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාවද සහාය ලබාදෙමින් සිටියි.
ගුවන් හමුදාව සඳහන් කළේ අනතුරට පත් යාත්රාව නිරීක්ෂණය කිරීම සහ අඛණ්ඩව ක්රියාත්මක වන මුදාගැනීමේ මෙහෙයුමට සහාය වීම සඳහා Mi-17 හෙලිකොප්ටරයක් සහ Bell 412 හෙලිකොප්ටරයක් යොදවා ඇති බවයි.


