අ.පො.ස. සාමාන්‍යපෙළ ලියූ රැඳවියන් සිවු දෙනෙකු විභාගය සමත් වේ

2020 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වූ බන්ධනාගාරගත රැඳවියන් සිව්දෙනෙකු එම විභාගය සමත්වී තිබේ.

එලෙස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව ඇත්තේ වටරැක හා මැගසින් බන්ධනාගාරවල රැඳවින් 04 දෙනෙකු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම රැඳිවියන් සිව්දෙනා අතර කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු හා තවත් සැකකරුවෙකු ඉහළන්ම විභාගය සමත් වී ඇති බව වාර්තා වේ.

ඔවුන් විභාගය සඳහා පෙනී සිට ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ හා වටරැක එළිමහන් සිර කඳවුරේ සුනීත පාසලේ පැවති විභාග මධ්‍යස්ථානවලින් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *