කොළඹ වරාය නගරයේ සේවක නවාතැන් පහසුකම් අසලදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පිහි ඇනුම සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් 26 හැවිරිදි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


