ඓතිහාසික සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහා පෙරහර මංගල්‍යයේ දින ප්‍රකාශයට පත් කෙරෙයි.

ඓතිහාසික සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ 2026 වසරේ ශ්‍රී ලලාට ධාතු මහා පෙරහර මංගල්‍යය සැප්තැම්බර් මස 05 වෙනි ශනි දින සන්ධ්‍යාවේ වීදි සංචාරය කිරීමට නියමිතය. එයට සමඟාමීව අගෝස්තු මස 27 වන දිනට යෙදෙන නිකිණි පුන් පොහෝ දින සිට සේරුවිල නිකිණි පූජා මංගල්‍යය ද පැවැත්වීමට නියමිතය.

රික් ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ පැවති විශේෂ හමුවකදී මේ බව ඓතිහාසික සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍යපාද අලුදෙණියේ සුබෝධි නාහිමිපාණන් වහන්සේ විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මැතිතුමා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මැතිතුමා, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් කේ. කුනනාදන් මහතා, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් හේමන්ත කුමාර මහතා, සේරුවිල ප්‍රාදේශීය ලේකම් එම්.යූ. නිශාන්ත මහතා, සේරුවිල ප්‍රාදේශීය සභා සභාපති තුෂාර සම්පත් මහතා ඇතුළුව රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශ, සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතිය, විහාරස්ථ දායක සභාව සහ පෞද්ගලික ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් සහ මහත්ම මහත්මීහු බොහෝ පිරිසක් මේ මොහොතට සහභාගි වූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *