14 හැවිරිදි සිසුවෙකුට ලිංගික අපයෝජන කළ ගුරුවරියකට වසර 8ක සිරදඬුවම්

14 හැවිරිදි සිසුවෙකුට ලිංගික අපයෝජන කිරීම සම්බන්ධ චෝදනා තුනකට වරදකරු වූ 49 හැවිරිදි පාසල් ගුරුවරියකට වසර අටක සිරදඬුවම් නියම කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මොනරාගල මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම දඬුවම නියම කර තිබේ.

ඊට අමතරව, විත්තිකාරියට රුපියල් 50,000ක දඩයක් නියම කළ අධිකරණය, එක් එක් චෝදනාව වෙනුවෙන් වින්දිතයාට රුපියල් 250,000 බැගින් වන්දි ගෙවන ලෙස ද නියෝග කර ඇත. ඒ අනුව, ගෙවිය යුතු මුළු වන්දි මුදල රුපියල් 750,000කි.

2019 වසරේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබේ. එහිදී අදාළ ගුරුවරිය සිසුවා පාසලේ සිට සිය නිවසට රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී තිබිණි.

දරුවන් දෙදෙනෙකුගේ මවක වන විත්තිකාරිය මොනරාගල, හින්දිකිවුල ප්‍රදේශයේ පදිංචිකාරියකි. නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද නඩුවක් යටතේ ඇයට එරෙහිව නඩු පවරා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *