Monday, 23 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ අඹේවෙල – පට්ටිපොළ – හෝර්ටන්තැන්න මාර්ගය සංවර්ධනය කෙරේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් හානියට පත් මාර්ග පිළිසකර කිරීමේ රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වැඩසටහන යටතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ බ්ලැක්පූල් – අඹේවෙල – පට්ටිපොළ – හෝර්ටන්තැන්න (B512) මාර්ගයේ කොටස් කිහිපයක් පුනරුත්ථාපනය කිරීමේ හා වැඩිදියුණු කිරීමේ කටයුතු නොවැම්බර් 22 වැනිදා ආරම්භ කෙරිණි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 2,143.5 කි.

මෙම ව්‍යාපෘතිය මගින් කිලෝමීටර් 5+200 සිට 12+000, 12+500 සිට 18+000 සහ 19+000 සිට 23+000 දක්වා වූ මාර්ග කොටස් ඇතුළුව ප්‍රධාන කොටස් කිහිපයක් ආවරණය කෙරේ.

මෙහි ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව Asset Engineering (Pvt) Ltd සමාගම වෙත පිරිනමා ඇති අතර, මාස 18 ක කොන්ත්‍රාත් කාලසීමාවක් තුළ 2028 මාර්තු 09 වැනිදා වන විට වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසීන්ගේ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීමට, කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය පහසු කිරීමට සහ හෝර්ටන්තැන්න අවට සංචාරක කටයුතු සඳහා සහාය වීමට අපේක්ෂා කෙරේ.

ඔබේ අදහස