මින්නේරිය මැතිවරණ කොට්ඨාසයේ ගම්මානයක නිවාස 20කට පමණ සහස්රපාදයන් විශාල වශයෙන් පැතිර යාම හේතුවෙන් එම ප්රදේශයේ ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව අද දෙරණ වාර්තා කරයි.
පීඩාවට පත් ගම්වාසීන් පවසන්නේ මෙම සතුන් නිවාසවල ඇතුළත, දොරකඩ සහ මුළුතැන්ගෙවල් දක්වා පැමිණෙන බවයි. එමෙන්ම ආහාර දූෂණය වීම ද සිදුවන බැවින් එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වී ඇති බව ඔවුහු පවසති.
කෘමිනාශක ඉසීමෙන් මෙම සතුන්ගෙන් කොටසක් තාවකාලිකව මිය යන නමුත්, ටික වේලාවකින් නැවතත් ඊටත් වඩා විශාල සංඛ්යාවකින් පැමිණෙන බව ගම්වාසීහු සඳහන් කරති.
දිනකට රුපියල් 3,000ක් පමණ කෘමිනාශක සඳහා වැය කිරීමට සිදුව ඇති නමුත්, එම ප්රතිකාරවලින් දිගුකාලීන විසඳුමක් ලැබී නොමැති බව ද වාර්තා වේ.
මෙම සතුන් තවදුරටත් පැතිර යාමට පෙර, ගැටලුවට ඵලදායී හා ස්ථිර විසඳුමක් ලබාදීමට අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත් වන ලෙස ගම්වාසීහු ඉල්ලා සිටිති.


