අධිකරණය හමුවේ පෙනී නොසිටි චෝදනාවට බලංගොඩ කස්සප හිමි රිමාන්ඩ්

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමක් සිදු කිරීම සහ බුදු පිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධ නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටි බවට වන චෝදනා මත පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් නොවැම්බර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එම විහාරස්ථාන පරිශ්‍රයේ බුදුමැදුරක් ඉදිකිරීම සහ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.




