Monday, 23 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණයෙන් දැනුම් දීමක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් වර්ධනය වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ අදහස