විකිරණශීලී ද්‍රව්‍ය ආශ්රිත අනවසර ක්‍රියා වැළැක්වීමට ස්ථිර ජාතික කමිටුවක්

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ‘ජාතික න්‍යෂ්ටික ආරක්ෂණ සම්බන්ධීකරණ කමිටුවක්’ විධිමත් ලෙස පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) සාමාජික රාජ්‍යයක් ලෙස, ඵලදායී ජාතික න්‍යෂ්ටික ආරක්ෂණ පද්ධතියක් පවත්වාගෙන යාම, තර්ජන තක්සේරු කිරීම් සිදු කිරීම සහ විකිරණශීලී ද්‍රව්‍ය සම්බන්ධ අනවසර ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් මෙම ස්ථිර බහු-ආයතනික ව්‍යුහය ස්ථාපිත කෙරේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා එහි ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇත.




