ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ආරම්භ කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ විනිසුරුවරුන් වන අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාග කෙරේ.

යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් පෙත්සම් 25කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර ඇත.

අදාළ වගන්ති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයක් මෙන්ම ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *