PCR පරීක්ෂණ නොමැතිව අමෙරිකානු නිලධාරියෙක් කටුනායකින් මෙරටට ඇතුල්වේ

කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට ඇතුළු වී තිබේ. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පැවසුවේ අදාළ නිලධාරියා තානාපති වරප්‍රසාද යටතේ PCR පරීක්ෂණයකට ලක් නොකොට මුදා හළ බවයි.

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසන්නේ රාජතාන්ත්‍රික මට්ටමින් පැමිණෙන මෙම නිලධාරින් තානාපති කාර්යාල විසින්ම ස්වයං නිරෝධායනයකට යොමු කරන බවත්, ඉන් පසුව PCR පරීක්ෂණයන්ට ලක් කොට ඊට අදාළ වාර්තාවන් රහස්‍ය වාර්තාවක් ලෙස මෙරට පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කෙරෙන බවයි.

අදාළ නිලධාරියා අද දින අලුයම කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *