ගල්කිස්ස අංගුලාන මුහුදු තීරයට ඔබ්බෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් ගිලී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ විමර්ශන මණ්ඩලයක් පත් කර ඇති බව නාවික හමුදාව පවසයි.
මේ අතර, අනතුරින් පසු අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ගිලී ගිය යාත්‍රාව ගොඩගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර තිබේ.
මෙම අනතුර 2026 අගෝස්තු 15 වැනිදා සිදුව ඇති අතර, සාමාන්‍ය මුර සංචාරයක නිරතව ආපසු පැමිණෙමින් සිටියදී අංගුලාන මුහුදු ප්‍රදේශයේදී වේග ප්‍රහාරක යාත්‍රාව යම් අපහසුතාවකට ලක්වීමෙන් අනතුර සිදුව ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
සිද්ධියට හේතු වූ තත්ත්වයන් සහ ඊට බලපෑ කරුණු හඳුනාගැනීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත මණ්ඩලය මූලික විමර්ශනයක් සිදුකරනු ඇත.
අනතුරින් පසු අතුරුදන්ව සිටින නාවික නිලධාරියා සොයා අවට මුහුදු ප්‍රදේශවල සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බව නාවික හමුදාව පැවසීය.
මේ අතර, ගිලී ගිය යාත්‍රාව ගොඩගැනීම සඳහා අද විශේෂ ගලවාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, නාවික කිමිදුම්කරුවන් යාත්‍රාව පිහිටි ස්ථානයට යොදවා තිබේ.
ඔවුන් මුහුදු පතුලේ ඇති යාත්‍රාව ඉහළට එසවීම සහ එය ආරක්ෂිතව ගොඩගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.


