බදාදා (21) පස්වරු 4.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, මෙම පද්ධතිය හේතුවෙන් ඔක්තෝබර් 21 සහ 22 යන දිනවල දිවයිනේ මෙන්ම අවට ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවලද වැසි වැඩිවිය හැකිය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ප්රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු සහ වයඹ පළාත්වලටත් මන්නාරම දිස්ත්රික්කයටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, එම ප්රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දිවයිනේ අනෙකුත් ප්රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින් සිදුවිය හැකි හානි අවම කරගැනීම සඳහා අවශ්ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ප්රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද ඇතිවිය හැකිය.
අඩු පීඩන පද්ධතියේ වර්ධනයත් සමඟ කාලගුණ තත්ත්වය වෙනස් විය හැකි බැවින්, ඉදිරි කාලගුණ අනාවැකි සහ නිල නිවේදන පිළිබඳව විශේෂ අවධානයෙන් පසුවන ලෙස සාමාන්ය ජනතාවට මෙන්ම නාවික හා ධීවර ප්රජාවටද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.



