Thursday, 19 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

රුවන්වැලිසෑය අසල සත්‍යග්‍රහ ගැටුම: සද්ධාරතන හිමිගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අනුරාධපුරයේ පැවති සත්‍යග්‍රහ විරෝධතාවක් අතරතුර කලහකාරී ලෙස හැසිරුණු බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.

නොවැම්බර් 18 වැනිදා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූහ.

අනුරාධපුර පූජා නගරයේ රුවන්වැලි මහා සෑය අසල විරෝධතා ස්ථානයේ නොවැම්බර් 12 වැනිදා ඇතිවූ ගැටුමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් මාරාන්තික උපවාසයක නිරතව සිටි විරෝධතා ස්ථානයට පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පැමිණීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

දෙපාර්ශ්වය අතර ඇතිවූ බහින්බස් වීමක් ගැටුමක් දක්වා දුරදිග ගිය බව වාර්තා වූ අතර, එහිදී හිසට තුවාල ලැබූ සද්ධාරතන හිමියන් රෝහල්ගත කරන ලදී. අනතුරුව පොලීසිය මැදිහත් වී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

ඔබේ අදහස