Monday, 23 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බ්ලූමැන්ඩල් නළ මාර්ගයක් පුපුරා මුහුදට ගිය ඩීසල් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

නොවැම්බර් 21 වැනිදා මෝදර (Mutuwal) ධීවර වරාය අසලින් වාර්තා වූ හදිසි ඩීසල් කාන්දුවක් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තයට (JCT) අයත් ගබඩා ටැංකියකට සම්බන්ධ නළ මාර්ගයක් හදිසියේ පුපුරා යාමෙන් අනතුරුව මෙම කාන්දුව සිදුව ඇත. කාන්දු වූ ඩීසල් අසල පිහිටි ප්‍රධාන ජලාපවහන ඇළ මාර්ගයක් ඔස්සේ මෝදර ධීවර වරාය අසල මුහුදට ගලා ගොස් තිබේ.

සිද්ධිය පිළිබඳව දැනුම්දීමත් සමඟම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් කාන්දු කළමනාකරණ කණ්ඩායම ක්ෂණිකව ක්‍රියාත්මක වී, ඩීසල් තවදුරටත් මුහුදට පැතිරීම වැළැක්වීම සඳහා ඇළ මාර්ගයේ මුවදොරෙහි ආරක්ෂිත බාධකයක් (Containment boom) සවි කිරීමට පියවර ගත්තේය.

වෙරළ තීරයට පැමිණි ඩීසල් ඉවත් කිරීමේ මෙහෙයුම් ද ආරම්භ කර ඇති අතර, කාන්දු වූ ඩීසල් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ කටයුතු සිය තෙල් කාන්දු කළමනාකරණ කණ්ඩායම විසින් අඛණ්ඩව සිදු කරමින් පවතින බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ඔබේ අදහස