ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් සපිරීම සහ රබර් – සහල් ගිවිසුමට වසර 75ක් සපිරීම නිමිත්තෙන් 2027 වසරේදී සැමරුම් උත්සව පැවැත්වීමට දෙරට සූදානම් වෙයි.
දෙරට අතර සහයෝගීතාව සහ මෙම සංවත්සර සැමරුම් සඳහා වන සූදානම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඔක්තෝබර් 10 වැනිදා ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැං මහතා හමුවී තිබේ.
1952 වසරේදී අත්සන් තැබූ රබර් – සහල් ගිවිසුම දෙරට අතර ආර්ථික සහයෝගීතාව සඳහා වැදගත් පදනමක් සකස් කළේය. ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා නිල වශයෙන් ආරම්භ වූයේ 1957 වසරේදීය.


