සමාගම්

ETI ෆිනෑන්ස් හා ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ව්‍යපාරික කටයුතු අත්හිටුවයි

ETI ෆිනෑන්ස් හා ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් PLC යන ආයතනවල ව්‍යපාරික කටයුතු අත්හිටුවීමට ශී‍්‍ර ලංකා මහබැංකුව තීරණය කර තිබේ. 2011 වසරේ සිට පැවති විවිධ අක‍්‍රමිකතා මත එම ආයතන 02 මේ වනවිට බංකොළොත් භාවයට පත්ව තිබෙන බවත්, ඒ අනුව පසුගියදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි ශී‍්‍ර ලංකා මහබැංකුව පැවසුවේ.

එම ආයතන යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශී‍්‍ර ලංකා මහබැංකුව විසින් සපයන ලද මාර්ගෝපදේශන සඳහා සෑහීමකට පත්විය හැකි පිළියම් යෙදීමට අදාළ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල වලට නොහැකි වීම හේතුවෙන් එම ආයතනවල මෙහෙයුම් කටයුතු සීමා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලයයේ බලතල සීමා කිරීම මෙන්ම ආයතන කටයුතු අධීක්ෂණය සඳහා කළමණාකාර මණ්ඩලයක් පත් කිරීමට ද මහබැංකුව මීට පෙර පියවර ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *