අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (05) දිනයේ අත්අඩංගුවට ගනු ලැබූ ETI සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජිකයින් වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් අද පස්වරුවේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.
රුපියල් බිලියන 13.7 ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.