‘Teardrop Nation’ චිත්‍රපටයෙන් ශ්‍රී ලංකාවේ අතීත ජයග්‍රහණ හා අසාර්ථකත්වයන් පිළිබඳ පාඩම් උගත හැකියි: සජිත් ප්‍රේමදාස

සාරා කබීර් නිෂ්පාදනය කළ ‘Teardrop Nation’ වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාවට සිය අතීත ජයග්‍රහණ හා අසාර්ථකත්වයන් අවබෝධ කර ගැනීමටත්, රටේ අනාගතය වෙනුවෙන් පාඩම් උගැනීමටත් උපකාරී විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සාරා කබීර් විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ මංගල දර්ශනයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙම චිත්‍රපටය මඟින් රටේ ගැටලු විවේචනාත්මකව සහ සාධනීයව විමසා බැලීමට, අතීතයේ ගත් තීරණ ප්‍රශ්න කිරීමට සහ එහි ඉදිරිපත් කරන පාඩම්වලින් ඉගෙන ගනිමින් රට ඉදිරියට ගෙන යාමට අවස්ථාවක් සැලසෙන බව ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සාරා කබීර්ගේ නිර්මාණාත්මක කාර්යය අගය කළ විපක්ෂ නායකවරයා, සිය නිර්මාණ කටයුතු අපක්ෂපාතීව, අවංකව සහ විනිවිදභාවයෙන් ඉටු කිරීම සඳහා ඇය සිය දේශපාලන මතවාද පසෙකින් තබා කටයුතු කර ඇති බව ද පැවසීය.

චිත්‍රපටය තුළින් ඉදිරිපත් කෙරෙන පාඩම් මහජනතාව අවබෝධ කරගත යුතු බව අවධාරණය කළ ඔහු, රට යළි ගොඩනැඟීමටත් ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමටත් කැපවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *