“CEYPETCO” ලිහිසි තෙල් නිෂ්පාදනය මෙරටදීම අරඹයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රථම වතාවට ලිහිසිතෙල් නිෂ්පාදනය ආරම්භ කරනු ලැබ තිබේ.

අප රටට අවශ්‍ය වාර්ෂික ලිහිසි තෙල් ප්‍රමාණය කිලෝලීටර් 65,000 ඉක්මවූ අතර, මේ වනතෙක් එය ආනයනය කිරීම සිදු විය. එනිසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් විදේශයන් කරා මෙරටින් ඇදී ගියේය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙරටදීම ලිහිසි තෙල් නිෂ්පාදනය කිරීම සඳහා මුලික කටයුතු ආරම්භ කරීමට කටයුතු යොදා තිබුණත් විවිධ හේතුන් නිසා එම නිෂ්පාදන කටයුතු ප්‍රමාද විය.

ඒ අනුව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කළ මැදිහත් වීම මත මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉදි කරන ලද අති නවීන යන්ත්‍රාගාරයක ලිහිසි තෙල් නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ. මෙම අති නවීන උපාංග සහිත යන්ත්‍රාගාරයේ වාර්ෂික ලිහිසි තෙල් නිෂ්පාදන ධාරිතාවය කිලෝ ලීටර් මිලියන 33කි. “CEYPETCO” සන්නාමය යටතේ වෙළෙදපොළට මෙම ලිහිසිතෙල් වෙළෙදපොළට නිකුත් කෙරෙනු ඇත.

අප රටේ නිපදවිය හැකි දෑ අප රට තුළ ම නිපදවා ගැනීම ඉළක්ක කර ගනිමින් මෙම වැඩ පිළිවෙළ ආරම්භ කර තිබෙන අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලිහිසි තෙල් අප රටේ ප්‍රථම වරට නිපදවීම සඳහා රාජ්‍ය ආයතනයක් වශයෙන් ගන්නා ලද පියවර සම්බන්ධව එහි සමස්ත කාර්ය මණ්ඩලයට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තම ස්තුතිය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *