මාලදිවයින් ජනපති මැයි 4 වැනිදා ශ්‍රී ලංකාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා 2026 මැයි 4 සිට 5 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

දෙරට අතර දීර්ඝ කාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ඔහු ජනාධිපති දිසානායක මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

“විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කිරීමට දෙරටේ හවුල් කැපවීම පිළිබිඹු කරමින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට (MoUs) අත්සන් කිරීමට ද අපේක්ෂා කෙරේ.

“ජනාධිපති මුයිසු මහතා සමඟ ජනාධිපති ආර්යාව සජිදා මොහොමඩ්, විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ මාලදිවයින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව සිටින බව අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *