අකුරම්බොඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු සිසුවෙකු සම්බන්ධ බව කියන අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
9 ශ්‍රේණියේ සිසුවෙකුගේ පියෙකු විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්, ඔහු කියා සිටියේ විදුහල්පතිවරයා විසින් දරුවා අපයෝජනයට ලක් කර ඇති බවයි.
අධිකාරියෙන් ලැබුණු තොරතුරක් මත මහවෙල පොලිසියේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
සිසුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව ද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා වයස අවුරුදු 50 ක් වන අතර ඔහු නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


