ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය යටතේ ජූලි මාසයේදී බස් ගාස්තු නැවත සංශෝධනය කළ හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ගෝලීය ඉන්ධන මිල ප්රවණතා මත මෙම සංශෝධනය රඳා පවතින බව ඔහු සඳහන් කළේය.
ඊයේ (24) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සතිපතා කැබිනට් මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළ කරන ලදී.


