බන්ධනාගාර හිටපු ලොක්කෙකුට වරෙන්තු

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාර හා පාතල කල්ලි සාමාජිකයක බන්ධනාගාර ගත “ආමි අසංක” නැමැති සැකකරුගෙන් රුපියල් ලක්ෂ පහළොවක අල්ලසක් ඉල්ලා ලක්ෂ තුනක මුදලක් බැංකු ගිණුමට දමා ගත්තේ යැයි කියන බන්ධනාගාර රෝහලේ හිටපු වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ හා අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා  වරෙන්තු නිකුත් කළේය.

ඇප මත සිටින වෛද්‍ය රණසිංහ ආරච්චිගේ නයනජිත් හේමන්ත රණසිංහ සැකකරු පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි හෙයින් මෙසේ වරෙන්තු නිකුත්  කෙරිණි .

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත විජේතුංග මුදියන්සේලාගේ අසංක ප්‍රියදර්ශන නොහොත්  ආමි අසංක යන රැඳවියා බන්ධනාගාර රෝහලේ දිගටම රඳවා තබා ගැනීම නිර්දේශ කිරීම සඳහා  මෙම මුදල් ලබාගෙන  දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනයය සිදු කෙරේ.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නියෝග නිකුත් කරමින් විමර්ශන ප්‍රගතිය ජුනි 19 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිෂමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *