සැකකරුවකු හදුනාගන්න මහජන සහාය ඉල්ලයි

දෙහිවල හෝටලයක හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාල සැකකරුවකු හදුනාගැනීම සදහා පොලිසිය ජනතාවගෙන් සහාය ඉල්ලා සිටියි.

දෙහිවල පොලිස් වසමේ දී ඉකුත් 9 වැනිදා එම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී සාක්ෂිකරුවන් ලබාදුන් තොරතුරුවලට අනුව අපරාධ පැමිණි වෙඩික්කරුගේ බවට සමාන කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කළ ඡායාරූපයක් පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපතිවරයා 0718 59 64 08 යන දුරකතන අංකයෙන් අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *