රට ගොඩනගන්න කොමර්ෂල් බැංකුවෙන් කෝටි 11ක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට  කොමර්ෂල් බැංකුව  රුපියල් කෝටි 11 මූල්‍ය පරිත්‍යාගයක් කළේය.

කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුහ්සීන් (Sharhan Muhseen) මහතා මෙම මූල්‍ය පරිත්‍යාගය චෙක් පතක් මගින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමුවේය.

මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි  කළමණාකාර අධ්‍යක්ෂක එස්. සී. යූ මනතුංග, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රබාගර් (S. Prabagar), අතිරේක සාමාන්‍යාධිකාරී අශානි සෙනෙවිරත්න මහත්ම මහත්මීහුද  එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *