මාවිල්ආරු තාවකාලික ප්‍රතිසංස්කරණය අරඹයි

මාවිල් ආරු අමුණේ බැම්ම කැඩී ගිය ස්ථාන තාවකාලිකව සකස්කර 2025/26 මහා කන්නයට ජලය ලබාදීමට හැකි පරිදි තාවකාලික ප්‍රතිසංස්කරණ  ආරම්භ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි .

කැඩී ගිය ස්ථාන තාවකාලිකව සකස්කර ගෙන යමින් පවතින අතර මහා කන්නයට ජලය ලබාදීම පිළිබඳව අනිසි බියක් ඇති කරගත යුතුව නැතැයි ත්‍රිකුණාමල වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු කේ.සුබ්‍රමනියම්  මහතා පැවසීය .

මේ අතර සේරුනුවර මහවැලි ගංවතුර ආරක්ෂණ වේල්ලේ ස්ථාන තිස් දෙකක් කැඩී ගොස් ඇති අතර එම ස්ථාන තාවකාලිකව සකස් කරමින් බැම්ම දිගේ ඉදිරියට ගමන් කරමින් එම ප්‍රතිසංස්කරණ මෙහෙයුමේ ඉංජිනේරුවරු නිරත වී සිටින බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීහ .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *