කල්පිටිය ග්‍රාම නිලධාරිහු ආපදා රාජකාරිවලින් ඉවත්වෙති

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුයුක්ත සියලු ග්‍රාම නිළධාරීවරුන් අද සිට, ආපදා සහන රාජකාරී කටයුතු වලින් ඉවත් වන බව  ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිළධාරී සංගමයේ කල්පිටිය ශාඛාව, කල්පිටිය වැඩ බලන සහකාර ප්‍රාදේශීය ලේකම් සන්ධ්‍යා ප්‍රියදර්ශණී මහත්මියට  ලිඛිතව දැනුම් දී ඇත.

ආපදා තත්ත්වය යටතේ ජන ජීවිතය යථාවත් කිරීමේ රාජකාරීවලදී නිළධාරීන්ට බැණ වැදීම්, තර්ජනය කිරීම් සහ සාපරාධී බළහත්කාරය පෑම ආදී කාරණා හේතුවෙන් ග්‍රාම නිළධාරීවරුන් මෙම තීරණයට එළැඹි බැව් ඔවුහූ පවසති.

මේ වන විට කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංවර්ධන නිළධාරීයකු පහර කෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබා ඇති අතර,තවත් සංවර්ධන නිළධාරියකු සාපරාධී බළහත්කාරය පෑම යටතේ කාන්තාවකට එරෙහිව පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරනයේ නඩු පවරා ඇත.

ග්‍රාම නිළධාරීන් දෙදෙනකු ද බැණ වැදී තර්ජනය කිරීම් පිළිබදව පොලිසියේ පැමිණිළි කර ඇත.

අප මේ පිළිබදව විමසීමට බලධාරීන් සම්බන්ධ කරගැනීමට ගත් උත්සහාය අසාර්ථක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *