‘‘අඹබෝ‘‘ පුළුස්සා මැරුවාට තුනක් සැකපිට

මිහින්තලේ,සීප්පුකුලම, අඹගහවෙල හන්දිය ප්‍රදේශයේදී දැඩි ලෙස රෝගී තත්වයේ පසු වූ ‘අඹබෝ’ නැමති වනඅලියා පන්දම් වලින් පුළුස්සා මරා දමන බව කියන සිද්ධියට අදාළව පුද්ගලයන් තිදෙනකු  අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මේසේ අත්අ ඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලේ අඹගහවෙල පදිංචි වයස අවුරැදු 43ත් 50ත් අතර වියේ පසුවන් පුද්ගලයන් තිදෙනෙකි.

වෙඩි වැදීමට ලක්ව ඉදිරි පාදයේ තුවාල සහිතව ආහාර ගැනීමට අපහසුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි මෙම වනඅලියාට ගිනි පන්දම් දල්වා පුළුස්සන බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධයේ සංසරණය වී තිබුණි.

පසුව වනජීවී නිලධාරින් විසින් දින කිහිපයක සිට ප්‍රතිකාර කළද අවාසනාවන්ත අයුරින් වනඅලියා ජීවිතක්ෂයට පත් වූ අතර වනජීවි නිලධාරින් විසින්  අවසන් කටයුතු සිදුකරනු ලැබීය.

මෙම වන අලියාගේ මියයාම සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණයේදි අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් පුද්ගලයන් තිදෙනා සැකපිට අත්අඩංගුට ගෙන ඇති අතර වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා ඔවුන් මිහින්තලය පොලිසියට බාරදි තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *