තක්ෂි සමග හාදකම් පෑවැයි සාජන් ගෙදර

ගනේමුල්ල සංජීව නමැත්තගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි සමග නේපාලයේදී අත්අඩංගුවට ගත් නන්ද කුමාර් තක්ෂි නැමැත්තටය බිස්කට් එකක් දෙකට කඩා කැල්ලක් දුන් බව කියන කියන පොලිස් සැරයන්වරයකුගේ  වැඩ තහනමට ලක් කළ බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය කියයි.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේ මුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකාරියක් වන නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය සමඟ සමීප සබඳතා පැවැත් වූ බවට සැකපිට ඔහුගේ රාජකාරි තහනමට ලක් කර ඇත.

සැරයන්වරයා එම සැකකාරිය සමග එක බිස්කට් එක දෙකට කඩාගෙන කා හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *