අයවැය අවසන් ඡන්දය අද

2026 විසර්ජන පනත් කෙටුම්පත  තුන්වැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම( අවසාන ඡන්දය)  පාර්ලිමේන්තුවේදී අද  5  පස්වරු 6.00ට  පැවැත්වේ.

අයවැය අද අවසාන ඡන්දය හෙයින්සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටින පක්ෂ නායකයන් සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

2026 විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් මස 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් අනතුරුව නොවැම්බර් මස 8 වැනිදා සිට 14 වැනිදා දක්වා අයවැය දෙවැනි වර කියවීමේ  විවාදය( දින හයක්) පැවැත්විණ.

ඊට පසු නොවැම්බර් මස 15 වැනිදා සිට කාරක සභාව විවාද ආරම්භ කෙරුණු අතර  එම විවාදයේ අවසන් දිනය හෙටයි’මේ අනුව කාරක සභා විවාද පැවැත්වුණු දින ගණන 17කි.හෙට පැවැත්වෙන්නේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *