deepal

දරුවන්ගේ බෙහෙත් ඉක්මනට යවන්න

කාලගුණ අනතුරුවලින් විපතට පත්ව ආරක්ෂිත ස්ථානවල සිටින  වලිප්පුව, ළමා හතිය සහ දියවැඩියාව යන රෝග වලින් පෙළෙන දරුවන්ට අවශ්‍ය ඖෂධ නොපමාව  යැවීමට කටයුතු කරන ලෙස කොළඹ රිජ්වේ  ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සහන සේවා කටයුතු වල නිරත   කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන්ම මෙම රෝගවලට අවශ්‍ය ඖෂධ වර්ග නිසි වේලාවට නොලැබුණහොත් විවිධ භයානක සංකූලතා පැන නැඟිය හැකි බවද ඔහු සඳහන් කළේය.

යුද හමුදාව හෝ පොලිසිය  හෝ මාර්ගයෙන්  එම ඖෂධ දරුවන්ට ලබා දිය හැකි බවද  දීපාල් පෙරේරා මහතා පැවසීය.

දියවැඩියාවට දෙන ඉන්සියුලින් ලබාගත නොහැකි වුවහොත් කොළඹ රිජ්වේ  ආර්යා ළමා රෝහලින් ඒවා ලබා දිය හැකි බව  අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය  නවෝදා අතපත්තු මහත්මිය ප්‍රකාශ කරන්නීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *