ආපදා සහන දෙන්න බිලියන 1.2ක්

ආපදා සහන සේවා කටයුතු සඳහා රුපියල් බිලියන 1.2 ක මුදලක් වෙන් කළ බව රජය පවසයි.

ඊට අමතරව අවශ්‍ය මුදලක් වෙතොත් ඉල්ලා සිටින ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් සියලු දිසාපතිවරුන් දැනුවත් කර ඇත .

ජනාධිපති අනුර දිසානායක මහතා සහ දිසාපතිවරුන් අතර මාර්ගගත සාකච්ඡාවක් අද(28) උදෑසන නවයට පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *